Home Local ගංගාරාම විහාරාධිපති හිමියන් සිංගප්පූරුවේ එලිසබෙත් රෝහලට

ගංගාරාම විහාරාධිපති හිමියන් සිංගප්පූරුවේ එලිසබෙත් රෝහලට

294
0

කොළඹ ගංගාරාම විහාරයේ විහාරාධිපති “පොඩි හාමුදුරුවෝ” නමින් හැඳින්වෙන පුජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමිපාණන් රෝහල්ගත කර තිබෙනවා.

ස්වාමීන් වහන්සේගේ තත්ත්වය බරපතළ බවයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඒ අනුව ඊයේ (27) දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අමාත්‍යවරයා ද උන්වහන්සේ සමඟ සිංගප්පූරුවේ ක්වීන් එලෙසබෙත් රෝහල වෙත යැවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු සිදුකර ඇතැයි සඳහන්.

ඤාණිස්සර හිමියන් සති කිහිපයක් රෝගාතුරව සිට ඇති අතර කොළඹ දී වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

නමුත් එම ප්‍රතිකාර සම්බන්ධයෙන් යහපත් ප්‍රතිපලයක් දක්නට නොලැබුණු බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යවන ලද බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here