Home Local ආතතියට බොන පෙති 90ක් පානය කළ තරුණියක් මරුට

ආතතියට බොන පෙති 90ක් පානය කළ තරුණියක් මරුට

269
0

හැටන් නගරයේ ඩන්බාර් විදියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කල තරුණියක් ආතතිය සදහා භාවිතා කරන ඖෂධ අධික ලෙස පානය කර මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ තලවකැලේ, වටගොඩ ප්‍රදේශයේ පදිංචි එස්.ශාන්තිනි නැමති 23 හැවිරිදි තරුණියක් බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය තරුණිය එම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ කාලයක් තිස්සේ සේවය කර ඇති බවත් ඊයේ (27) රාත්‍රි 8.30ට පමණ ආතතිය සදහා භාවිතා කරන වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබු පෙති 90 පමණ පානය කර ඒ බව තම සහෝදරයාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.

අනතුරුව මියගිය තරුණියගේ සහෝදරයා විසින් ඒ බව වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාට දැනුම් දිමෙන් අනතුරුව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි තරුණියව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමේ පසු මියගොස් තිබෙනවා.

මියගිය තරුණිය එම වෛද්‍ය මධ්‍යස්ථානයේම රැදි සිටිමින් රැකියාවේ නිරතව සිටි අයෙකු බවද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සඳහන් කර සිටින්නේ.

මිය ගිය තරුණියගේ සිරුර දික්ඔය මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට නියමිතයි.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here