Home Hit වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව – බළන්ගොඩ මාර්ගය වසයි PHOTOS

වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව – බළන්ගොඩ මාර්ගය වසයි PHOTOS

260
0

වතු කම්කරුවන් පිරිසක් හැටන් බගවන්තලාව – බළන්ගොඩ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් අද උදෑසන උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

වතු හාම්පුතුන්, රජය හා මැදිහත් වී තමන්ට ලබා දුන් රුපියල් 700ක මූලික වැටුප ප‍්‍රමාණවත් නොමැති බවත්, වැටුප් වැඩි කිරීමේදී මීට පෙර තමන්ට හිමි වූ රුපියල් 140ක දිරිගැන්වීමේ දීමනාව මෙවර වැටුපට ඇතුළත් නොකර ඇති බවටත් චෝදනා කරමින් ඔවුන් මෙම විරෝධතාව පවත්වා තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ තමන්ට රුපියල් 1000ක මූලික වැටුපක් ලබා දෙන බවට වතුකරයේ දේශපාලනඥයන් පොරොන්දු වුවද තමන්ට රුපියල් 700ක මූලික වැටුපක් පමණක් ලබා දී මූලා කළ බවයි.

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමට අත්සන් නොකරන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here