මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ දක්ෂතා දක්වමින් දායකත්වය දැක් වූ පොලිස් නිලධාරීන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට සම්මාන පිරිනැමීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව 2015 වසරේ ජනවාරි මස සිට මේ වසරේ ජනවාරි මස දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සක්‍රීය ලෙස දායක වූ නිලධාරීන්ට මෙලෙස සම්මාන ප්රදානය කෙරෙනු ඇති.
‘ජනපති ප්‍රශංසා’ නමින් නම් කර ඇති මෙම සම්මාන ප්රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදීයි.