Home Hit පස්වරුවේ වැසි

පස්වරුවේ වැසි

451

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඌව සහ නැගෙනහිර පළාත්වල මද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මීගමුව සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බ‍ෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට මද වැසි ඇති විය හැකි අතර දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here