Home Hit ගෙවී ගිය දින 26දී වෙන්නප්පුව මුහුදු තීරයේ ගිලී 7ක් මරුට

ගෙවී ගිය දින 26දී වෙන්නප්පුව මුහුදු තීරයේ ගිලී 7ක් මරුට

289
0

මේ වසරේ ගෙවී ගිය දින 26 තුළ වෙන්නප්පුව මුහුදු තීරයේදී දියේ ගිලී පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 11 වැනිදා හලාවත – වැලිහේන ප‍්‍රදේශයේදී මසුන් මැරීමට ගිය පුද්ලගලයෙකු කළපුවේ වැටී මියගොස් ඇති අතර, පසුගිය 13 වැනිදා වෙන්නප්පුව – වයික්කාල ප‍්‍රදේශදේී රළ පහරට හසුව ජර්මන් ජාතිකයෙකු මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසුවා.

එම ප‍්‍රදේශයේදීම ඉකුත් 17 වැනිදා සහ 24 වැනිදා මුහුදු වෙරළට මළ සිරුරු දෙකක් ගොඩගසා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 25 වැනිදා ද ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඔහු 45 හැවිරිදි දෙදරු පියෙක්.

අප වාර්තාකරු පැවසුවේ පසුගිය 26 වැනිදා හලාවත මුහුදු වෙරළේදී එකම පවුලේ පියෙකු සහ පුතෙකු දියේ ගිලී ඇති බවයි.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ මේ දිනවල එක්වරම මුහුදේ රළ ප‍්‍රචණ්ඩ වන බැවින් එහි දිය නෑම සහ රළ පෑගීම අනතුරුදායක බවයි.

ජූඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here