Home Hit එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ට විශිෂ්ට ජයක්

එංගලන්තයට එරෙහිව කොදෙව්වන්ට විශිෂ්ට ජයක්

269
0

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 381ක විශිෂ්ට ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

එංගලන්තයේ බි‍්‍රජිටවුන් හි පැවති මෙම තරගයේදී දගපන්දු යවන ක‍්‍රීඩක රොස්ටන් චේස් ලකුණු 60කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

පළමු ඉනිමට ලකුණු 289ක් රැස්කළ කොදෙව් පිල, දෙවන ඉනිමේදී කඩුලු 6ක් දැවී ලකුණු 415ක් ලබා සිටියදී පන්දුවට පහර දීම අත්හිටුවනු ලැබුවා.

එංගලන්තය පළමු ඉනිමේදී සියලු ක‍්‍රීඩකයන් ලකුණු 77කට දැවී ගිය අතර, දෙවන ඉනිමට ඔවුන් රැුස්කළේ ලකුණු 246ක් පමණයි.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස කොදෙව් පිල ඉදිරියෙන් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here