Home Hit අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු පරිගණකගත කෙරේ

අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු පරිගණකගත කෙරේ

362
0

අපරාධකරුවන් ක්ෂණිකව හදුනාගැනීමේ අරමුණින් ඇඟිලි සලකුණු ස්වයක‍්‍රීය පරිගණක පද්ධතියකට ඇතුළත් කිරීමේ කටයුතු පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

ඇඟිලි සලකුණක් පරීක්ෂා කොට විනාඩියක් වැනි අඩු කාලයකදී එය හදුනාගැනීමට හැකි වීම නව පද්ධතියේ විශේෂත්වය බවයි වාර්තා වන්නේ.

මිලියන 1.9ක් පමණ අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු මෙම නව පද්ධතියට ඇතුළත් කෙරෙන බව ද පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම නව තාක්ෂණය යොදාගැනීම තුළින් අධිකරණ කි‍්‍රයාවලිය ද වේගවත් කළ හැකි බවයි එම ආරංචි පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here