හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්ය විදුලිබල නිෂ්පාදනයේ වර්තමාන තත්ත්වය, ඒ සදහා බලපානු ලබන ගැටලු සහ ගතයුතු නව ක්‍රියාමාර්ග පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා පැවති චාරිකාවකට චාරිකාවකට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක එක්වුණා.
එහිදී හම්බන්තොට බර්ඩ්පාර්ක් සූර්ය විදුලිබල ව්‍යාපෘතිය නිරීක්ෂණ කෙරෙහිද අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට යොමු වුණා.
එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා දැක්වූ අදහස්,
“අපි රාජ්‍ය සහ පුද්ගලික අංශයට අවස්ථාවක් දෙනවා ලංකාව තුළ සූර්ය පැනල නිෂ්පාදනය සහ බැටරි නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ කොහොමද, ඒවා ආනයනය කිරීම නවත්තලා ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට තමාගේ දක්ෂතාවන්ට වටිනාකමක් ලබාදෙන්නේ කොහොමද, ස්වභාවික සම්පත් අපනයනය කරන්නේ නැතිව කර්මාන්ත ඇති කරන්නේ කොහොමද කියලා පෙබරවාරි 15 දා වනවිට අපට යෝජනා ලබාදෙන්න කියලා. සියළු දෙනාගේ බුද්ධිය තුළින් පෙබරවාරි 15 වනවිට අපිට එම යෝජනා ලබාදීම තුළින් අපව ඒ පිළිබද දැනුවත් කරන්න හැකිවේවි කියලා මම හිතනවා. ඒ යෝජනා සහ අදහස් මත සූර්ය විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් රට වෙනුවෙන් සකස් කරන්න අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල පිළිබදව අපට සාකච්ඡා කරලා තීන්දු තීරණ ගන්න හැකිවේවි”
නිරික්ෂණ චාරිකාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ සම්පත විදුලිබල උත්පාදනය වෙනුවෙන් උපයෝගී කරන්නේ කොහොමද, තවදුරටත් එහි කාර්යක්ෂමතාව සහ උපයෝගීතාව වැඩිකරගන්නේ කොහොමද කියලා බලන්නයි අපි මේ නිරීක්ෂණ චාරිකාවට සම්බන්ධ වුනේ. තරුණ පිරිස්වල අදහස් විමසා බැලුවම අපට ගොඩක් ඉදිරියට යන්න පුලුවන් අදහස් ලැබුණා. සූර්ය විදුලිබල නිෂ්පාදනය සදහා පුද්ගලික අංශය සහභාගි කරගැනීම තුළින් අපේ පාරිභෝගිකයාට කාර්යක්ෂම සේවයකුත් අවම මිලකට විදුලිය ජනනය කිරීමේ වැඩපිළිවෙලකුත් පිළිබදව අපි අද සාකච්ඡා කළා”