Home Sports ශ්‍රී ලංකාව ඉනිමකින් හා ලකුණු 40කින් පරාජය වෙයි

ශ්‍රී ලංකාව ඉනිමකින් හා ලකුණු 40කින් පරාජය වෙයි

359

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.

බ්‍රිස්බේන්හි පැවැති තරගයේ තෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාවට කඩුලු‍ 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි.

ළහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් පන්දුවට පහරදීමට පැමිණියේ නැහැ.

ඉනිමේ යම් තරමකින් හෝ සාර්ථක වූ පිතිකරුවා වූ ළහිරු තිරිමාන්න ලකුණු 32ක් රැස් කළා.

නිරෝෂන් දික්වැල්ල ලකුණූ 24ක් සහ ධනංජය ද සිල්වා ලකුණූ 14ක් රැස්කළ අතර සෙසු කිසිදු මුල් පෙල හෝ මැද පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

දිමුත් කරුණාරත්න එක් ලකුණකටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබාත්, කුසල් මෙන්ඩිස් එක් ලකුණකටත්, රොෂේන් සිල්වා ලකුණු 03කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු‍ 06ක් බිඳ හෙලු‍ අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු‍ දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 144ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here