Home Local වතුකම්කරු මූලික වැටුප ඉහළ දැමීමට එකඟතා පළවෙයි

වතුකම්කරු මූලික වැටුප ඉහළ දැමීමට එකඟතා පළවෙයි

304

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති අතර ඊයේ (25) එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව රුපියල් 500ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව තවත් රුපියල් 50ක දෛනික දීමනාවක් ද එයට එක්වීමට නියමිතයි.

වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25ක මුදල රුපියල් 40ක් දක්වා වැඩිකිරීමට ද වැවලි සමාගම් එකඟ වී ඇති අතර නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28) අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here