Home Local රත්ගමදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගනියි

රත්ගමදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගනියි

433
0

පොලිස් ඇඳුමට සමාන ඇඳුම්වලින් වලින් සැරසී ගිනි අවිද රැගෙන පැමිණි පිරිසක් රත්ගම, රත්නඋදාගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගිය බවට ඔවුන්ගේ ඥාතින් විසින් රත්ගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පැහැරගෙන ගොස් ඇත්තේ 33 හැවිරිදි සහ 30 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

33 හැවිරිදි පුද්ගලයා රත්ගම නගරයේ කුකුළු මස් වෙළඳ සලක් පවත්වා ගෙන යන අතර ඉකුත් (23) දින බිරිඳ වෙළඳ සිටියදි ඔහු වෙළඳසලට මස් ගෙනයාම සඳහා වෙළදසලේ සිටි කිලෝමිටර් 03ක් පමණ දුරින් පිහිටි රත්නඋදාගම නිවසට පැමිණ තිබෙනවා.

එසේ පැමිණ යාබද නිවසේ පදිංචි මිතුරෙකු සමග කතා කරමින් සිටියදි සුදු පැහැති මෝටර් රථයකින් සහ නිල් පැහැති වෑන් රථයකින් පැමිණ ඇති පිරිසක් එම දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවට වෙළඳසල් හිමියාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

පැහැරගෙන ගොස් ඇති අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ සැමියාගේ මව පමණක් බවත් ඇය විසින් කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

පොලිසිය පැවසුවේ මෙම දෙදෙනාගේ පැහැරගැනිම කුමන අරමුණක් ඇතිව සිදුකර ඇතැයිද යන්න ඊයේ දහවල් වනතුරත් අනාවරණය වි නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්ගේ උපදෙස් පරිදි රත්ගම වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටී.එච්.බන්දුල ඇතුලු කණ්ඩායමක් විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here