යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩඉරිඟු වගා නොකරන ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් අද (26) ගොවීන්ට දැනුම් දි තිබෙනවා.
බඩඉරිඟු වගාවන්හි ඉතා සීඝ්ර යෙන් පැතිර යන “සේනා දළඹු” විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට බඩඉරිඟු වගාව හැරුණු විට බෝග කිහිපයකටම සේනා දළඹු හානිය සිදු වි ඇති අතර මෙම දළඹුවා මර්ධනය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂි නිලධාරින් ඇතුළු අදාල අංශ පියවර ගෙන තිබෙනවා.