Home Local දියේ ගිලී පුද්ගලයෙක් මරුට

දියේ ගිලී පුද්ගලයෙක් මරුට

393
0

මුහුදේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව – කුඩා වෛරන්කට්ටුව පදිංචිව සිටි මනෝජ් පාරිස් නම් 45 හැවිරිදි එක්දරු පියෙක්.

මියගිය පුද්ගලයා ඊයේ (25) රාත්‍රීයේ ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ප්‍රදේශයේදී කලපුවේ ඉස්සන් අල්ලා ඇති බවත්, පසුව ඔහු දියනෑම සදහා මුහුදට ගොස් ඇති බවත් සඳහන් වනවා.

දියනාමින් සිටි අයව එක්වරම රළ පහරකට හසුවී ගසා ගෙන ගොස් ඇති අතර පසුව ප්‍රදේශයේ ධීවරයින් විසින් ඔහුව සොයා ගෙන ඇති නමුත් ඒ වන විටත් හෙතෙම මිය ගොස් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම නියමිතව තිබෙනවා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here