Home Local ගව ආහාර රැගෙන යමින් තිබූ ලොරියක් පෙරළෙයි – රිය සහයක රෝහලට

ගව ආහාර රැගෙන යමින් තිබූ ලොරියක් පෙරළෙයි – රිය සහයක රෝහලට

309
0

නානුඔය පොලිස් වසමට අයත් තලවාකැලේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළිමෙන් සිදුවු අනතුරකින් එම ලොරි රථයේ සහයකවරයා බරපතල තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

රියදුරාට සුළු තුවාල සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ සිට ආගරපතන ගව ගොවිපල සදහා දහයීයා වලින් සාදන ලද ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්.

අනතුරට පත්වන අවස්ථාවේ ලොරි රථයේ ගව ආහාර ටොන් 13ක් තිබු බව රියදුරා පවසනවා.

අනතුර අද (26) පෙ.ව 6.00 ට පමණ සිදුවී ඇති අතර ලොරි රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා පාලනයෙන් මිදි මාර්ගය හරහා පෙරලීගිය බව රියදුරා පොලිසියට පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ පවත්වනු ලබනවා.

ක්‍රිෂාන්තන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here