Home Hit ළමා නිවෙසකින් පැන ආ දරුවා

ළමා නිවෙසකින් පැන ආ දරුවා

257
0

අනුරාධපුර ශාන්ත ජෝශප් වටරවුම ආසන්නයේ අතරමං වී සිටි දරුවෙකු පොලිස් නිලධාරියකු විසින් පොලිස් බාරයට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට භාර දී තිබෙනවා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන එම නිලධාරියට මෙම දරුවා පිළිබද අවධානය යොමුවී ඇත්තේ උදෑසන පාසල් රාජකාරිය නිමකර නැවත පොලිස්ථානයට පැමිණෙමින් සිටියදීයි.

අතරමං වී ඇති බව පැවසීම නිසා එම නිලධාරියා විසින් අදාළ දරුවා පොලිස්ථානයට රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එහිදී කළ ප්‍රශ්න කිරීම් වලදී කැකිරාව ප්‍රදේශයේ පදිංචි බවත්, මව තමන් හැරගොස් ඇති බවත් පියා නාවික හමුදාවේ කොළඹ පිහිටි කඳවුරක සේවය කරන බවත් දරුවා පවසා තිබෙනවා.

නවාතැන් ගෙන සිටින ස්ථානය සම්බන්ධයෙන් දරුවා හෙළි නොකිරීම හේතුවෙන් පොලිසිය සැක පළ කර ඇත්තේ එම දරුවා ළමා රැඳවුම් මධ්‍යස්ථානයක දරුවකු බවටයි.

පසුව එම දරුවා අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයක බව අනාවරණය කරගෙන ඇති අතර, එම ස්ථානයට දරුවා භාර දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

රැදවුම් මධ්‍යස්ථානයේ පවතින යම් ගැටළුවක් හේතුවෙන් කුඩා දරුවා පලායාමට උත්සහයක නිරත වන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here