Home Local සේනා මර්දනයට මුදල් වෙන්කරන්න – අගමැතිගෙන් උපදෙස්

සේනා මර්දනයට මුදල් වෙන්කරන්න – අගමැතිගෙන් උපදෙස්

366
0

සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබෙනවා.

දළඹුවා මර්ධනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබාදීමේ ප්‍රගතිය පිළිබඳව සතිපතා තමන්ට ලිඛිතව දැනුම්දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍ය පීහැරිසන් හට දැනුම් දී ඇත්තේ.

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා මේ වනවිට රසායනික ද්‍රව්‍ය 05ක් හඳුන්වා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒවා ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙසට භාවිත කළ යුතුයැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here