Home Hit ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් කමිටුවෙන් විශේෂ වාර්තාවක්

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කෝප් කමිටුවෙන් විශේෂ වාර්තාවක්

269
0

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

කෝප් කමිටුව ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු වාර්තාවේ ද මේ බව ඇතුළත්ව ඇති අතර, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව විගණකාධිපතිවරයා කළ වාර්තාවක් ද මෙම විශේෂ වාර්තාව සමග ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

තව ද 2013 වසරේදී ගුවන් යානා 8 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතියකින් තොරව කොන්ත‍්‍රාත් අත්සන් කර ඇති බව ද සදහන් වනවා.

කැබිනට් අනුමැතිය ලැබීමට පෙර වත්මන් රජය මගින් ශ්‍රී ලංකන් ආයතනය විසින් අදාළ කොන්ත්‍රාත් අත්හිටුවීම සඳහා රුපියල් මිලියන 16924.36 ක් ගෙවා ඇති බවත්, ශ්‍රී ලංකන් ආයතනය නිලධාරීන් 190 කට රුපියල් මිලියනය බැගින් මාසික වැටුපක් ලබාගෙන ඇති බවත් මෙම වාර්තාව අනාවරණය කරනවා.

අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2014 වර්ෂයේ මිලියන 32357 ක් , 2015 වර්ෂයේ මිලියන 16000 ක් , 2016 වර්ෂයේ මිලියන 12000 ක් , 2017 මාස 09 තුළ මිලියන 40000 ක් පාඩු ලබා ඇති බවයි.

කෝප් කමිටුව රජයේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන දෙවන අවස්ථාව ද මෙය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here