Home Tech ලොව කුඩාම චන්ද්‍රිකාව ගුවන් ගත කරයි

ලොව කුඩාම චන්ද්‍රිකාව ගුවන් ගත කරයි

522
0

ලොව කුඩාම හා බරෙන් අඩුම චන්ද්‍රිකාව ඊයේ (24) ගුවන් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘SpaceKidz’ නම් ඉන්දියානු අභ්‍යවකාශ විද්‍යා ආයතනයක සිසුන් පිරිසක් විසින් නිපදවූ මෙම චන්ද්‍රිකාව බරින් කිලෝග්‍රෑම් 1.2 ක් පමණ වනවා.

රේඩියෝ සන්නිවේදන පද්ධතියක් සහිත මෙම කුඩා චන්ද්‍රිකාව සාර්ථකව ඊයේ පෘථිවි කක්ෂයේ රඳවා ඇති බවයි සඳහන් වන්නේ.

⁣මින් පෙරත් කුඩා චන්ද්‍රිකා ගුවන් ගත කෙරුණත් ඒවා අසාර්ථක වූ අතර ඉන්දියාවේ හිටපු ජනපතිවරයෙකු වූ අබ්දුල් කලාම් මහතාගේ නමින් මෙම චන්ද්‍රිකාව නම් කර තිබෙනවා.

”KalamSat V2” නමින් හැඳින්වෙන මෙම චන්ද්‍රිකාව අදියර කිහිපයකින් ගුවන් ගත කරනු ලැබුවා.

දින 06කින් නිම කෙරුණු මෙම චන්ද්‍රිකාව සඳහා වැයවූ මුදල ඉන්දියානු රුපියල් මිලියන1.2ක් බවයි වාර්තා වන්නේ.

ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂන ආයතනය විසින් ගුවන්ගත කළ මෙම චන්ද්‍රිකාව රැගෙන ගිය රොකට්ටුව ටොන් 260ක බරකින් යුතුයි.

ඉන්දියාව විසින් තවත් චන්ද්‍රිකා කිහිපයක්ද ගුවන් ගත කරන්නට නියමිත වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here