Home Hit මෙවර ජාතික වෙසක් උත්සවය තොටගමුව පුරාණ රජමහා විහාරයේ දී

මෙවර ජාතික වෙසක් උත්සවය තොටගමුව පුරාණ රජමහා විහාරයේ දී

499

මෙවර ජාතික වෙසක් උත්සවය ගාල්ල දිස්ත්‍රික්කයේ තෙල්වත්ත, තොටගමුව පුරාණ රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම උත්සවය සඳහා රජයේ සියලුම අමාත්‍යාංශවල සහයෝගය අපේක්ෂා කරන බවයි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසන්නේ.

තොටගමුව පුරාණ රජමහා විහාරස්ථානයෙහි පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

දෙපාර්තමේන්තු නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා උත්සවය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පවත්වන බවත්, උත්සවය සාර්ථක කර ගැනීම සඳහා එක් එක් අමාත්‍යාංශවලට පැවරෙන රාජකාරි පෙබරවාරි මස 05 වනදා වන විට ආරම්භ කළ යුතු බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික වෙසක් උත්සවයක් පැවැත්වීමෙන් රජය බලාපොරොත්තු වන්නෙ රටේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම බවත්, එමගින් යහපත් සමාජයක් බිහි කරන්න අවස්ථාව උදාවන බවත් ඔහු අවධාරණය කර සිටියා.

මහා සංඝයාවහන්සේගේ උපදෙස් හා අවවාද අනුශාසනා මේ වැදගත් කාර්යය සාර්ථක කර ගැනීමට විශේෂයෙන්ම අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මෙම උත්සවයට සමඟාමීව තොටගමුව රත්පත් විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කොට විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කිරීමටත්, එහි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත්, ප්‍රදේශයේ විහාරස්ථාන 59ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ප්‍රදේශයේ දහම් පාසල් වැඩි දියුණු කිරීමටත් ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් සම්පූර්ණ සහාය ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here