මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ හින්දු කෝවිලක් ඉදි කිරීමට ගත් බව පැවසෙන සිද්ධියට අදාළ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ පළමු වරට විභාගයට ගෙන තිබෙනවා.
එහිදී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ සියලු ඉදිකිරීම් පෙබරවාරි 12 වන දා දක්වා අත්හිටුවන ලෙසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විහාරස්ථානය සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් ද පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා හරහා එළැඹෙන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් නයාරු ගුරුකන්ද පුරාණ රජ මහා විහාර භූමියේ කෝවිලක් ඉදිකිරීමේ උත්සහයක නිරත වූ බවට ඉකුත් 14 වැනිදා චෝදනා එල්ල වුණා.
ඊට හේතු දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසා ඇත්තේ විහාරය පිහිටි ස්ථානයේ හින්දු ජනතාවගේ වන්දනාමානයට ලක් වූ පාරම්පරික කෝවිලක් පිහිටි බවයි.