Home World ‘බිකිණි හයිකර්’ කඳු මුදුනකින් වැටී මියයයි – PHOTOS

‘බිකිණි හයිකර්’ කඳු මුදුනකින් වැටී මියයයි – PHOTOS

815

‘The Bikini Hiker’ ලෙස හැඳින්වූ තායිවානයේ සුප්‍රසිද්ධ කඳු නගින්නියක වූ ගිගි වූ (Gigi Wu) ඇය ගමන් කළ කඳු මුදුනකින් පහළට ඇද වැටී මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

36 හැවිරිදි තායිවාන් ජාතික ගිගි සමාජ මාධ්‍ය තුළ ප්‍රකට තරුවක්.

තායිවානයේ කඳුමුදුන් ගණනාවක් තරණය කළ ඇය ඒවා මත සිට සිය ගණන් පින්තූර සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබුණා.

එම පින්තූර වල විශේෂත්වය වන්නේ එම සියලු පින්තූර වල ඇය සැරසී සිටින්නේ බිකිනි ඇඳුමකින් වීමයි.

එම නිසාම ‘The Bikini Hiker’ ලෙස සමාජ ජාලා තුළ ඇය ප්‍රසිද්ධියට පත්වුණා.

පසුගිය සෙනසුරාදා (19) තනිවම ඇය විසින් තායිවානයේ යුෂාන් ජාතික උද්‍යානයේ කඳුමුදුනක් තරණය කිරීම අරඹා ඇති අතර එහෙත් ඇගේ අවසනාවකට ඇය එහිදී අඩි 65ක ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා.

එම වැටීමෙන් ඇගේ දෙපා බිඳී ගිය අතර අපහසුවෙන් ඇය තමන්ගේ සැටලයි⁣ට් දුරකථනයෙන් තම මිතුරන්ව අමතා ඇති බව සදහන් වනවා.

එහෙත් අධික මීදුම හා සීතල නිසා ඇයව සොයා පැමිණි ගලවා ගැනීමේ නිළධාරීන්ට ඇයව හමුවූයේ සඳුදා (21) දහවල් කාලයේදීයි.

එහෙත් ඒ වනවිට අධික ශිතල නිසා ඇය මියගොස් සිටි බවයි සදහන් වන්නේ.

“මං සෑම කඳුමුදුනකදීම බිකිනියකින් සැරසී පින්තූර ගන්නවා, දැනට මම කඳුමුදුන් 100කට ගොඩවී තිබෙනවා. තවත් ගොඩවන්නට නියමිතව තියෙනවා. කඳුමුදුන් 100කට ගොඩවූවත් මට තිබෙන්නේ බිකිනි ඇඳුම් 97යි. කඳුමුදුන් 03කට මම කිහිපයක් දෙවතාවක් ඇන්දා. මේක මගේ හීනේ. මම ආසයි පරිසරය එක්ක ජීවත් වෙන්න. තායිවානය ලස්සන රටක්. කඳු නිම්න බොහෝමයි. සමරක් ඒවා ලස්සනයි, සමහරක් ඒවා අතිශය භයානකයි. අපි දැනගෙන මේවා තරණය කරන්න ඕන”

වරක් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය කියා සිටියා.

කඳුමුදුන් වලට ගොඩවීමේදී එහි තිබෙන නොදිරන අපද්‍රව්‍ය පවා ඇය විසින් පහළට ගෙන ඒම සිරිතක් කොටගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇය, ඇගේ ගමනේදීම මෙලොව හැරයාම සම්බන්ධව ඇගේ රසිකයින් ඇගේ පින්තූර මත ශෝක පණිවුඩ සටහන් කර තිබෙනවා.

Image result for The Bikini Hiker

Image result for The Bikini Hiker
Related image
Image result for The Bikini Hiker

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here