Home Hit බණ්ඩාරවෙල සංගීතයේ කළහ කළ 19ක් රිමාන්ඩ්

බණ්ඩාරවෙල සංගීතයේ කළහ කළ 19ක් රිමාන්ඩ්

371
0

බණ්ඩාරවෙල නගර සභා ක‍්‍රීඩාංගණයේ පෙරේදා (23) රාත‍්‍රී පැවති සංගීත ප‍්‍රසංගයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් 19 දෙනෙකු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් ඊයේ දිනයේ බණ්ඩාරවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කර තිබූ මෙම සංගීත ප‍්‍රසංගය පස්වරු 6.00ට ආරම්භ කර රාත‍්‍රී 10.30ට පමණ අවසන් කිරීමත් සමග මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සංවිධායකවරුන් විසින් රාත‍්‍රී 9.30 වන විටත් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කර ඇති බවට ඇතැමුන් චෝදනා කරනවා.

සිද්ධිය පාලනය කිරීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් හා මෙම පිරිස් අතර ද ගැටුමක් හටගෙන ඇති අතර, ඔවුන් වේදිකාවට ද ගල්මුල් ප‍්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here