Home Hit දළඳා මාළිඟාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර අදට වසර 21යි

දළඳා මාළිඟාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර අදට වසර 21යි

317
0

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවට LTTE කොටි ලොරි බෝම්බයක් පුපුරුවා හැර අදට (25) වසර 21ක් සපිරෙනවා.

බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ තැම්පත් කොට ඇති දළදා මාළිගාව, ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ ලෙසයි හඳුන්වනු ලබන්නේ.

වර්ෂ 1998 ජනවාරි 25 වනදා අලුයම 06ට පමණ ට්‍රක් බෝම්බයක් ශී‍්‍ර දළදා මාලිගාවේ මහා වහල්කඩදී පිපිරී ගොස් තිබෙනවා.

එහිදී මාලිගාවට අලුයම පූජාව සඳහා පැමිණි බැතිමතුන් ඇතුළු 12 දෙනකු ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අතර ශී‍්‍ර දළදා මාලිගාවට බරපතළ හානි සිදුවුණා.

ප්‍රහාරයෙන් පසු දිනයේම ශ්‍රී ලංකා රජය, නිල වශයෙන් LTTE සංවිධානය තහනම් කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද කොටි සාමාජිකයන් තිදෙනකුට නඩු විභාගයකින් පසුව මහනුවර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය.

මාළිගාව, යුනෙස්කෝව විසින් නම් කරනු ලැබූ ලෝක උරුම අඩවියක්ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here