Home Politics ඔක්තෝබරයෙන් පසු ජනපති පාර්ලිමේන්තු ඇවිත් නෑ – අනුර කුමාර දිසානායක

ඔක්තෝබරයෙන් පසු ජනපති පාර්ලිමේන්තු ඇවිත් නෑ – අනුර කුමාර දිසානායක

339
0

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා මාස 03කට වරක්වත් සහභාගී විය යුතු වුවද පසුගිය වසරේ (2018 ඔක්තෝබර් 12 වනදායින්) පසුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වනදා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිය වගකීම ඉෂ්ට කිරීමට බැඳී නොසිටීම පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි ඔහු ප‍්‍රශ්න කර සිටියා.

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ගෙවන ගමන් වියදම් පොලිස් නිලධාරීන් සඳහා ගෙවීම අත්හිටුවීම පිළිබඳව ස්ථාවර නියෝග යටතේ ප‍්‍රශ්නයක් විමසමිනුයි මන්ත‍්‍රීවරයා ඒ බව සඳහන් කර සිටියේ.

මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවැන්නක්,

”පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ ජනාධිපතිවරයාටයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන්න බැඳී සිටිනවා. ඒ නිසා ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අනුව මාස 03කට වරක්වත් පාර්ලිමේන්තුවට සහභාගි විය යුතුයි. එතුමා පසුගිය ඔක්තෝබර් මස 22 වනදායින් අවසන් වතාවට පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ. මේ වනවිට මාස 03 ඉක්මවා ගිහින්. ව්‍යවස්ථාවට අනුව මාස තුන ඉක්මවා ගියත් ජනාධිපතිවරයා මේ සභාවට සහභාගී වී නෑ. ඒ ගැන ආණ්ඩුවේ තීන්දුව කුමක්දැයි කියා අපි දැන ගන්න කැමතියි.”

ඊට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වමින් කියා සිටියේ, ”මම ඒ ගැන ජනාධිපතිතුමාට දන්වන්නම්.” යනුවෙනුයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here