මෙරට සිනමා, නාට්‍ය හා රංගකලා ඉතිහාසයේ කීර්තිමත් රඟහලක් ලෙස කලාකරුවන්ගේ හා ප්‍රේක්ෂක ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ එල්ෆින්ස්ටන් රඟහල යළි ජනතා අයිතියට පත්කර තිබෙනවා.
ඒ, අංග සම්පූර්ණ නවීන රංගශාලා තාක්ෂණය ද සහිතවයි.
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මගපෙන්වීම යටතේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණා.
මෙම අවස්ථාවට සංස්කෘතික අමාත්‍යාංශ ප්‍රධානීන් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී තිබෙනවා.
1925 ඔක්තෝබර් 19 වැනි දින එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ ඉංග්‍රීසි ජාතික එච්.ඊ. නිව්න්හැම් මහතායි.
ආසන 800කින් යුත් සිනමා ශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ එච්.එෆ්. බිල්ටෝරියා මහතා විසින්.