ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24) ඒකමතිකව තීරණය කර තිබෙනවා.
තවද පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පත්කර ඇතැයි සඳහන්.
එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ පැවැත්වුණා.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශක්තිමත් ලෙස මුහුණ දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම පක්ෂ සභාපති කබීර් හෂීම් වෙත මෙහිදී පවරා ඇති අතර එම වැඩපිළිවෙළ පක්ෂයේ නිලධාරී මණ්ඩලයට ඉදිරිපත් කර පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙනවා.
ගම්පෙරළිය වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර රජයේ සංවර්ධන වැඩකටයුතු සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය වලින් ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත් නැති බවයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා වී ඇත්තේ.