Home Local ‘සේනා’ නාඋලත් අල්ලයි – PHOTOS

‘සේනා’ නාඋලත් අල්ලයි – PHOTOS

791
0

සේනා දළඹු විශේෂය නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ද ආක්‍රමණය කර ඇතැයි ගොවින් පවසනවා.

විශේෂයෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වගාකර ඇති ස්ව්‍යංජාත වී විශේෂයට මෙම දළඹුවාගේ වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උස්වැත්තෑව, නිකුල හා බිබිල ග්‍රාමනිලධාරිවසම් වලට ද සේනා දළඹු විශේෂය පැතිර ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක කියා සිටියා.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැතිර යන සේනා දළඹු වසංගතය සම්බන්ධයෙන් ගොවින් රැසක් කියා සිටියේ කරවිල, දඹල, බෝංචි මෙන්ම පිපිඤ්ඤා වැනි වගාවන්ට ද හානි සිදුවෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් සේනා දළඹු විශේෂය මර්ධනය සම්බන්ධයෙන් විවිධ ක්‍රමෝපායන් හදුන්වා දෙමින් ගොවින් දැන්වත් කිරිමේ කටයුතු ගොවිජනසේවා නිලධාරි මාර්ගයෙන් මේ වන විට ආරම්භ කර ඇති බව ද අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඉන්දික අරැණ කුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here