Home Local ලිංගික උත්තේජන ඖෂධ තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් කටුනායක දී අත්අඩංගුවට

409
0

ලිංගික උත්තේජන ඖෂධ තොගයක් ඇතුළු තවත් සිරුරු ආලේපන තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (23) දින සවස කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.

ඔහු ඊයේ දින සවස 5.00ට මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලේ රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා ලිංගික උත්තේජන ඖෂධ (වියාග්‍රා, වයිමැක්ස්, මැක්ස් මැකස්) විශාල ප්‍රමාණයක් ද, ඊට අමතරව කාන්තාවන් තම සිරුරු වල රාත්‍රී කාළයේ ආලේප කරන ආලේපන තොගයක් ද තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවනගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්නගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ආර්.බී.ගන්කේවෙල, කේ.එච්.පී.කුමාරසිරි සහ ආර්.රුෂාන්දන් යන පිරිස විසින් සිදුකර තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here