Home Hit බණ්ඩාරවෙල දී සහරා ෆ්ලෑස් වේදිකාවේ ගුටිබැට කෙළියක් VIDEO

බණ්ඩාරවෙල දී සහරා ෆ්ලෑස් වේදිකාවේ ගුටිබැට කෙළියක් VIDEO

617
0

බණ්ඩාරවෙල නගර සභා ක‍්‍රීඩාංගණයේ ඊයේ රාතී‍්‍ර පැවති සහරා ෆ්ලෑස් සංගීත ප‍්‍රසංගය අතරතුර ගැටුමක් හටගෙන තිබෙනවා.

ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කර තිබූ මෙම සංගීත ප‍්‍රසංගය පස්වරු 6.00ට පමණ ආරම්භ වී ඇති අතර, අවසන් වීමට නියමිතව තිබුණේ රාත‍්‍රී 10.00ට පමණයි.

එහෙත් සංවිධායකයින් විසින් රාත‍්‍රී 9.30 වන විටත් ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කර ඇති අතර, ඒවා රැගෙන ප‍්‍රසංගය නැරඹීමට පුද්ගලයින් පැමිණ සුළු වේලාවකින් පසුව ප‍්‍රසංගය අවසන් කිරීමත් සමග මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද බණ්ඩාරවෙල මහෙස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබදව සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ නායකයා මෙලෙස අදහස් දක්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here