Home Local පෞද්ගලික බසයක ගැටී විදෙස් ජාතිකයෙක් මරුට

පෞද්ගලික බසයක ගැටී විදෙස් ජාතිකයෙක් මරුට

331
0

වැලිගම තානායම අසළදී යතුරුපැදියක ගමන් ගත් විදේශිකයකු පෞද්ගලික බස් රථයක හැපිමෙන් මියගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි යුක්රේන ජාතිකයෙකි.

මියගිය අය වැලිගම සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ හැපී ඇති අතර බරපතල තුවාල ලැබු ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර සිටින්නේ.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here