Home Local ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණහිටියි

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණහිටියි

379
0

මහරගම, බොරලැස්ගමුව, හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ 26 වනදායි.

ඒ අනුව සෙනසුරාදා උදෑසන 08 සිට ජල සැපයුම අත්හිටවනු ලබන්නේ ජලනළ පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

තවද මෙම ජල සැපයුම කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැල්වත්ත, මත්තේගොඩ, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශ වලටද බලපැවැත්වෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here