Home Hit නිදහස් දින සැමරුම වෙනුවට ජාතික දින සැමරුම

නිදහස් දින සැමරුම වෙනුවට ජාතික දින සැමරුම

674
0

ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින මහෝත්සවය පෙබරවාරි මස 04 වනදා පෙරවරු 8.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

මේ වෙනුවෙන් පුහුණු පෙළපාලි පැවැත්වෙන දිනයන්හි කොළඹ නගරයේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට නියමිත අතර ඒ පිලිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) කොළඹදී පැවැත්වුණා.

71 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් එළඹෙන ජනවාරි 26,27, 31 සහ පෙබරවාරි මස 01,02,03 යන දිනවලදී පෙරහුරු පැවැත්වීමට නියමිතයි.

පුහුණු පෙළපාලි පැවැත්වෙන එම දිනවල උදෑසන 06.30 සිට පෙළපාලි කටයුතු අවසන් වන තෙක් කොල්ලුපිටිය මංසන්ධියෙන් කෙළඹ කොටුව ලෝටස් වටරවුම දක්වා වන මාර්ගය තාවකාලිකව වසා තබනු ලබනවා.

සැමරුම් උළෙල පැවැත්වෙන පෙබරවාරි 04 දින උදෑසන 04 සිට උළෙල අවසන් වන තෙක් කාලය තුළ ගාලුමුව දොර මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන අතර ගාලුමුවදොර අවට සහ කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය උදෑසන 06 සිට දහවල් 12 දක්වා සීමා කිරීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

මේ අතර මෙතෙක් කලක් භාවිත කළ නිදහස් දින සැමරුම යන නාමය වෙනුවට එය ජාතික දින සැමරුම ලෙස සංශෝධනය කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 08 වන වගන්තිය අනුව, ජාතික දිනය (නැෂනල්) National Day යනුවෙන් ඇති බවත් එය Freedom Day යනුවෙන් හැඳින්වෙන්නේ නොමැති බවයි.

මෙවර දිනයට ‘ජාතික දිනය’ ලෙස යෙදු බවත් ඒ පිළිබඳ කවුරුවත් විශාල ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින පිළිබඳ සඳහනක් කර නොමැති බවත්, ඒ අනුව එයට ඇතුල් කර ඇත්තේ ජාතික දිනය යනුවෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මාධ්‍යවේදීන් නිදහස් දිනයක් මින් පසු නැද්ද යන්න පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ, “මට නම් නිදහස් දිනයක් ඇත. ඔබටත් තිබිය යුතුයි“ යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here