එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (HE Halimah Yacob) මැතිණිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදුව තිබෙනවා.
සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සුහද කථා බහක නිරත වුණා.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනිම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ නායකත්වයෙන් ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ ද සිංගප්පූරු ජනාධිපතිනියගේ ඇගැයීමට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ දිවා භෝජන සංග්‍රහයට ඉන් අනතුරුව ජනාධිපතිවරු එක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ.