Home Hit එක්නැළිගොඩ අතුරුදන් වී වසර 09යි – ජාත්‍යන්තරයෙන් අගමැතිට ලියයි

එක්නැළිගොඩ අතුරුදන් වී වසර 09යි – ජාත්‍යන්තරයෙන් අගමැතිට ලියයි

398
0

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිඛිතව දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ, එක්නැළිගොඩ අතුරුදන් වී මේ වන විට වසර 09ක් ගතව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පරීක්ෂණයක් සිදුකර නොමැති බව දන්වමින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගිය වසර 04 තුළ සිදුකරන ලද පර්යේෂණයන්ගෙන් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ද ක්ෂමා සංවිධානය සඳහන් කර තිබෙනවා.

අතුරුදන් වීම සම්බන්ධයෙන් නඩු විභාගය තවමත් ක්‍රියාත්මක වනවා.

ඒ සම්බන්ධයෙන් උසාවිය විසින් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධව ඉල්ලා ඇති තොරතුරු අඩුපාඩුකම් රැසක් සහිතව ලබාදී ඇති බවයි එම
සංවිධානය පෙන්වා දෙන්නේ.

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමට පෙර හමුදා කඳවුරක අත්අඩංගුවේ පසුවූවා යයි ද ක්ෂමා සංවිධානය විශ්වාස කරන බවයි එම ලිඛිත නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here