Home Hit අහිංසකයින් 166කගේ ජීවිත තරුණයෙකු බේරාගත් හැටි PHOTOS

අහිංසකයින් 166කගේ ජීවිත තරුණයෙකු බේරාගත් හැටි PHOTOS

377
0

උපුටා ගැනීම – මුහුණුපොත (facebook)

”අමාරුවෙන් රැකගත් ජිවිත ගණනාවක්.

උබේ ඔය ජිවිත ටික රැක ගන්නට රෑය නිදි වැරුව අමාරුව හදවතේ සතුටින් තත්පරෙන් ගෙවිලා ගියා.

වේලාව රෑ 12.40 විතර ඇති. රෑට කලා පොල්හේන පැත්තෙන් ගෙදර යන්න කියලා ගියේ ඒත් කවමදාවත් හිතුවේ නෑ.

මගේ ජීවිතේ සුන්දරම සහ සතුටු හිතෙනවා පිංකමක් කරන්න පුළුවන් වේවි කියලා.

අයේ එන්න කියලා හදද්දීම තමයි මේ අහිංසකයා දැක්කේ.
ජීවිතේ පළමුවැනිවතාවට දැක්ක කැස්බෙක් 🐢 🐢🐢 බිත්තර දාන්න හදනවා.

ඌ ළගට ගිහින් බලද්දී තමයි දැක්කේ ඌ කොයිතරම් ලොකු එකෙක්ද කියලා.

මොනා කරන්නද කියලා හිත හිත එද්දී තමයි ගයියා මල්ලිට කෝල් කරලා විස්තරේ ඇහුවේ.

ඌ තමයි කිව්වේ අයියේ බිත්තර ටික දාලා ඉවර උනාම ඌ ගියපූ පාර මකලා දාපං නැත්නම් බිත්තර ටිකට බඩු හම්බ වෙනවා අයියේ.

මාත් එක්ක ඉදපු සචින් මල්ලිගෙන් ඇහුවේ මල්ලී උබ ගිහින් දාලා මං එන්නම්
පොලිස්සිය ආවොත් අවුලක් වෙනවා කිව්වත් ඌත් මං එක්කම හයියක් වගේ ළගින්ම හිටියා.

මේ ලෝකේ වාසනාවන්තම කැස්බෑව උබ තමයි.

ඌගේ ඔලුව හිමීට අත ගාද්දී උබේ ඔය ඇස්වල තිබිච්ච බය නිසාම දෝ කොහේද මට එතනින් හෙල්ලෙන්වත් හිතුනේ නැත්තේ.

උබේ ඔය ලොකුවට අත් තියපු වේලාවේ ඉදලම කල්පනා කරේ උබ ඔය කෙදිරි ගගා දාන බිත්තර ටික පරිස්සම් කරන්නේ කොහමද කියලා.

උබට මේ ලොකේ ඉන්න වාසනාවන්තම කැස්බෑව කියලා කිව්වේ උබ ඔය බිත්තර ටික දානකම් පොල්හේනේ සෑයේ කොත දිහා බලාගෙන අංගුලිමාල පිරිත කියලා උබට පිං අනුමෝදනා කරා මං.

මේ ලෝකේ මොන කැස්බෑවෙක්ටද ඒක තරම් දෙයක් උරුම වෙන්නේ.

උබ මුහුදට යනකම්ම උබේ පස්සෙන්ම ගිහින් උබ ආපු එක අඩිපාරක් තිබ්බේ නැතුව මකලම දැම්මා. ඒ උබේ පුංචි පැටවුන්ගේ ජිවිත ටික පරිස්සම් කරන්න ඕන නිසාමයි.

හිත වද දුන්නා උබ ඉක්මනටම මේ ජිවිත ටික පරිස්සම් කරන්න දෙයක් කරපං කියලා.

ජයරුක් අයියා තමයි හොදම කෙනා කියලා හිතලා කතා සම්පූර්ණ විස්තරේම කිව්වට පස්සේ, මල්ලී මං එන්නම් පොලිස්සිය එක්ක ඔයත් එන්න කියලා ගිහින් ඒ ජීවිත ටික පරිස්සම් කරලා දුන්නේ.

පොලිස් ඇදුම ඇදගත්තු රත්තරං හදවත් ටිකක් ජිවිතේ දෑසින්ම දැක්කා.
විස්තරේ කිව්වා ගමන් එක මුවකින් පිට වුනේ මොන අම්මගේ උනත් දරුවෝනේ මල්ලී, අපිට පුලුවන් දෙයක් කරමු කියලා ගිහින්.

බිත්තර වල හාරලා බිත්තර 166ක් පෙට්ටි දෙකකට තැන්පත් කරලා තව බිත්තර දෙකක් ඒ බිත්තර වලේම තැන්පත් කරා.

ඒ ජීවිත 166ම මිරිස්ස වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාර දීලා පරිස්සමට දින 48ක් යනකම් උනුහුම රැදෙන්න පුලුවන් විදියටම වෙරළේ තැන්පත් කරේ මේ දෑත් වලින්මයි.

හදවතේ සතුට කියා ගන්නට බැරි තරම්.

අම්මේ දුන්නු ජීවිත ගණනාවක් රැක්කා කියලා දැනෙද්දී ඒ සතුට හිම්නිම් නැති බව මා හටම වැටහේ.

මේ දෑත් වලින් පරිස්සම් කරපු ජීවිත ගනනාවක් ඉක්මනින්ම මහ මුහුදට නිදහස් කරනකම් ඉන්නේ නොවිසිල්ලෙන්. ඒ දිනේ කොතරම් නම් සතුටක් හිතේ ද.

විශේෂම ස්තූතිය
මාතර දිසා දූෂක මර්ධන අංශයේ අශෝක අයියා ඇතුළු සැමට
ජයරුක් අයියේ ගොඩක් පින්”

උපකාර කල යම් අයකු වේ ද ඒ සියලුම දෙනාට ගොඩක්ම පින්.

ඩිෂාන් තිලක්ෂණ කුමාර
22.01.2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here