පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
වැලි රොහා ලෙස හදුන්වන පුද්ගලයෙකු ඇතුළු 5 දෙනෙකු වැල්ලම්පිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයෙකු ලෙස සැලකෙන සමීර පෙරේරා හෙවත් සුරතල් නමැත්තා ද හිඹුටාන ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
එම සැකකරු අංගොඩ ප්රදේශයේ ඔහුගේ නිවස වෙත යමින් සිටියදී කේරළ ගංජා කිලෝවක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.