හලාවත – පනිරෙන්දාව රක්ෂිතයට අනවසරයෙන් ඇතුලූ වී වල්ලපට්ටා ගස් කැපූ සැකකරුවෙකු හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබූ වල්ලපට්ට ගස් කොටස්, ගස් කැපීමට යොදා ගන්නා උපකරණ සහ ඔවුන් පැමිණි බව කියන ත්රිරෝද රථයක් ද වැටලීම කළ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
කපා දමා ඇති වල්ලපට්ටා ගස්වල වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික බවයි වන සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ.
ජූඞ් සමන්ත


