Home Local ජනපති දුමින්දට සමාව දෙයිද ?

ජනපති දුමින්දට සමාව දෙයිද ?

440
0

මරණ දඬුවම හිමිව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියා.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීමට යන බවයි ඇය එහිදී සඳහන් කර සිටියේ.

එහිදී ඇය අනාවරණය කර සිටියේ, ABC Media Networksහි හිමිකරු වන රේනෝ සිල්වාගේ නායකත්වයෙන් යුතුව දුමින්ද සිල්වාගේ ආධාරකරුවන් පිරිසක් මහජන පෙත්සමක් අත්සන් කර එය ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත බවයි.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ සිරකරුවෙකුට ජනාධිපති සමාව ලබාදීමට පෙර අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයාගේ නිර්දේශය ලබා ගත යුතු බවත් ඇය එහිදී සඳහන් කර සිටියා.

නමුත් “අපේ අධිකරණ ඇමතිතුමා මිලට ගත නොහැකි බව මා විශ්වාස කරනවා. ඇයගේ හෘදය සාක්ෂිය අනුව කටයුතු කරනු ඇත. ” යන්නයි සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here