Home Hit කිරලාගල ස්ථූපයට නැග ජායාරූප ගත් සරසවි සිසුන්ට වැඩ වරදින ලකුණු

කිරලාගල ස්ථූපයට නැග ජායාරූප ගත් සරසවි සිසුන්ට වැඩ වරදින ලකුණු

628

කිරලාගල ස්ථූපයට නැග ජායාරූප ගත් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සරසවි සිසුන් සොයා හොරොව්පතාන පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙම ජායාරූපය මුහුණුපොතේ හුවමාරුවන බවට එම කලාපය භාර පුරා විද්‍යා නිලධාරියෙකු විසින් හොරොව්පතාන පොලිසියට පැමිණිලි කර තිබුණේ ඊයේ දිනයේදීයි.

මෙම ජායාරූපයේ සිටින සිසුන් 7 දෙනාගෙන් සිව්දෙනෙකු මේ වන විටත් හදුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

අනෙක් තිදෙනා සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති අතර, මෙම සිසුන් ත‍්‍රිකුණාමලය සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හෙළිව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here