Home Local කච්චතිව් මංගල්ලය වෙනුවෙන් ඉන්දු ලංකා බැතිමතුන් 10000ක පිරිසක් අපේක්ෂිතයි

කච්චතිව් මංගල්ලය වෙනුවෙන් ඉන්දු ලංකා බැතිමතුන් 10000ක පිරිසක් අපේක්ෂිතයි

298
0

මෙවර කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්ලය වෙනුවෙන් ඉන්දු ලංකා බැතිමතුන් 10000ක පමණ පිරිසක් සහභාගි වනු ඇති බව යාපනය දිසාව භාර රදගුරු පාලක සභාවේ ජෙබරත්නම් පියතුමන් පැවසුවා.

එළැඹෙන 15 වනදා යාපනය, කච්චතිවි දේව මංගල්ලය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු සාකච්ජාවේදී ජෙබරත්නම් පියතුමන් මේ බව පවසා සිටියා.

කච්චතිව් දේව මංගල්ලය යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා ඇතුළු පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ධීවර ජනතාව හා මෙරට ධීවර ජනතාව කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්ලය වෙනුවෙන් මහත් බැතියෙන් සහභාගි වනු ලබනවා.

ඉන්දීය ධීවර ජනතාව බෝට්ටු මගින් කච්චතිව් දේව මංගල්ලය වෙනුවෙන් සහභාගිවන අතර, මෙරට නාවික හමුදා නිළධාරීන් විසින් මංගල්ලයේ කටයුතු සංවිධානය කරනු ලබන අතර කච්චතිව් දූපත ඉන්දියාව සතුව පැවති නමුත් පසුව 1974 ඉන්දිරා ගාන්ධි පාලන සමයේ දූපත මෙරට වෙත පැවරු අතර, කච්චතිව් දූපත පවරා ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු රජය ඉන්දීය මධ්‍යම රජයට පසුගිය සමයේ බලපෑම් සිදුකර තිබෙනවා.

සාකච්ජාව වෙනුවෙන් යාපනය කිතුණු පාලක සභාවේ පියතුමන්ලා, නාවික හමුදා නිළධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here