රුපියල් මිලියන 1080කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 90ක් සමඟ සැකකරුවන් 05 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යබලකාව ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර ඇති අතර කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසකදී මෙම හෙරොයින් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනෙක් අමරිකානු ජාතිකයන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29 හා 43 වයසේ පසුවන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
අනෙක් සැකකරු 41 හැවිරිදි ඇෆ්ගන්ස්ථාන ජාතිකයෙකු වනවා.
මේ අතර ලාංකීකයන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 41 හා 39 ක් වු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
හෙරොයින් කිලෝ 1 බැගින් වු අසුරන 90ක මෙම හෙරොයින් අසුරා තිබු බවයි පොලීසිය සඳහන් කළේ.