Home Hit පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරුවේ කමිටු වාර්තාව කරූට

පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරුවේ කමිටු වාර්තාව කරූට

475

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත අද භාර දුන්නා.

කථානායක කරු ජයසූරිය මහතා විසින් පත්කළ එම කමිටුව විසින් පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධියට අදාළ සී.සී.ටීවී දර්ශන ද නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

අනතුරුව කථානායකවරයා විසින් එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ගැටුමට සම්බන්ධ මන්ත‍්‍රීවරුන්ට නඩු පැවරීමක් සිදුකළ හැකි ද යන්න විමසීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳව කතානායකවරයා දැනුවත් වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here