Home Hit පාර්ලිමේන්තුව 1.00ට රැස්වෙයි – ගැටුමේ වාර්තාවත් කථානායකට

පාර්ලිමේන්තුව 1.00ට රැස්වෙයි – ගැටුමේ වාර්තාවත් කථානායකට

458
0

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසන්නේ පාර්ලිමේන්තු ගැටුමේ විමර්ශන වාර්තාව අද කථානායකවරයා වෙත භාර දීමට නියමිත බවයි.

අනතුරුව කථානායකවරයා විසින් එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ගැටුමට සම්බන්ධ මන්ත‍්‍රීවරුන්ට නඩු පැවරීමක් සිදුකළ හැකි ද යන්න විමසීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග පිළිබඳව කතානායකවරයා දැනුවත් වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යෝජනා සම්මත කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම නොසන්සුන්කාරී සිද්ධිය පිළිබද විමර්ශනය කිරීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කෙරුණේ කථානායක කරු ජයසූරිය මහතා විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here