කන්තලේ වෙල්ඩින් මාවත ප්රදේශයේදී අද අදෑසන කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පවුල් ආරවුලක් මත මෙය සිදුකර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පවුසි මොහොමඩ් රස්මියා නමැති කාන්තාවක්.
ඇයගේ මෘත ශරීරය කන්තලේ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.



