දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් අද (22) පෙරවරුවේ හදිසියේම ගාල්ල නගරයේ නිරීක්ෂණ චාරිකාව නිරත වුණා.
එහිදි ආණ්ඩුකාරවරයා පළමුවෙන්ම නගරයේ අලංකරණයට හානිවන ලෙස තැනින් තැන එල්ලා ඇති කටවුට් සහ පෝස්ටර් ඉවත් කිරිමට උපදෙස් ලබා දුන්නා.
අනතුරුව ඔහුට සුබපතා එල්ලා තිබු බැනරයක් ඉවත් කර, නගරයේ තිබු බැනර් සහ කටවුට් ඉවත් කිරීමට නගර සභා සේවකයින් කටයුතු කරනු ලැබුවා.
නගරයේ තිබෙන පොදු වැසිකිලි, කුණු දමන ස්ථාන ඇතුළු නගර අලංකාරයට හානි වන විවිධ දේවල් සම්බන්ධව පවතින අඩුපාඩු නිරික්ෂණය කල ආණ්ඩුකාරවරයා පසුව රජයේ ආයතන කිහිපයක පවතින තදබදයන් පිළිබඳව ද නිරික්ෂණ චාරිකාවක නිරත වුණා.
මහජනතාවට හිතකර අයුරින් ක්‍රියාත්මක විමට තමා දකුණේ ආණ්ඩුකාරවරයා ලෙස සියලු සහය අදාල ආයතනවලට ලබා දෙන බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
මෙම අවස්ථාවට දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර, ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් සහ මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියා.




ෆර්හාන් නිසාම්දින්