Home Hit කොල්ලුපිටියෙන් ඇල්ලූ කිලෝ 95ක කුඩු තොගය – PHOTOS

කොල්ලුපිටියෙන් ඇල්ලූ කිලෝ 95ක කුඩු තොගය – PHOTOS

423
0

කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයකින් කිලෝග්‍රෑම් 95 කට වැඩි හොරොයින් මත්කුඩු තොගයක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද සමත් වුණා.

එහිදී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ඒ අතර අමෙරිකානු ජාතිකයන් දෙදෙනෙක්, ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු සහ ශ‍්‍රී ලාකිකයන් දෙදෙනෙකු වනවා.

හෙරොයින් කිලෝග‍්‍රෑමයකට වැඩි ප‍්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි අමෙරිකානු ජාතිකයෙකු හා ඒවා ලබා ගැනීමට පැමිණි හික්කඩුවේ පදිංචි ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා පළමුව අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් ද එහිදී පොලිස් භාරයට ගැනුණා.

අනතුරුව අමෙරිකානු ජාතිකයා වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවක තිබී කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයේ යතුරක් හමුව ඇති අතර, එම නිවාසය පරීක්ෂා කිරීමේදී අනෙක් හෙරොයින් තොගය හමුව තිබෙනවා.

කිලෝග‍්‍රෑම් 95යි ග‍්‍රෑම් 88ක් වන මෙම හෙරොයින් තොගය පාර්සල් 92ක අසුරා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here