Home World කළු මුහුදේදී නෞකා 02ක් ගිනිගනියි

කළු මුහුදේදී නෞකා 02ක් ගිනිගනියි

474
0

ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න කළු මුහුදේදී නෞකා 02ක් ගිනි ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් පුද්ගලයින් 14දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ කර්ච් සමුද්‍ර සන්ධියේදී ටැන්සානියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකා 02ක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

අනතුරට පත් එක් නෞකාවක් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වන අතර ඉන් අනෙක් නෞකාවට ඉන්ධන හුවමාරු කරන අතරතුර මෙම ගින්න හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ කළු මුහුදේ කුණාටු සහිත කාලගුණයක් පැවති බවත් සඳහන්.

අදාළ නෞකාවල කාර්යමණ්ඩල සාමාජිකයින් සාගරයට පැන දිවිබේරාගැනීමට උත්සහදරා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිමියානු බලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here