Home අද ලබන වසරේ අයවැයෙන් ආයෝජකයින්ට රජ මඟුල්

ලබන වසරේ අයවැයෙන් ආයෝජකයින්ට රජ මඟුල්

1921
0

නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය ආයෝජකයින් සඳහා විශේෂ පහසුකම් සැලසෙන අයවැයක් වනු ඇතැයි වාර්තා වනවා.

ඇමරිකානු ඩොලර් මිලියන 50 (රුපියල් බිලියන 16) ඉක්මවූ ආයෝජන සඳහා වසර දෙකක බදු සහන කාලයක් සහ ඕනෑම එංජින් ධාරිතාවයක් සහිත විදුලියෙන් ධාවනය වන මෝටර් රථයක් තීරුබදු රහිතව මෙරටට ගෙන්වීමේ පහසුකම ආයෝජකයිනට ලබාදීමට අයවැයෙන් යෝජනා කෙරෙනු ඇතැයි වාර්තා වී තිබේ.

මින් පෙරදී ආයෝජකයින් සඳහා වසර 05 – 10 කාලසීමාව සඳහා බදු සහන ලබාදීමට රජය පියවර ගනු ලැබූවද මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව එය වසර දෙකක කාලයක් දක්වා අඩුකර ඇත.  මේ අතර ගෝලීය තොරතුරු තාක්ෂණ සමාගම් 100ක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කරගැනීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් අයවැයෙන් යෝජනා කෙරෙනු ඇත.  2024 අයවැයෙන් ඉරණවිල, බිංගිරිය, පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල මහාපරිමාණ ආයෝජන කලාප පිහිටුවීම සඳහාද පහසුකම් සැලසෙන බව වාර්තා වී තිබේ.

Previous articleඑට්කා (ETCA) ගැන යළිත් සාකච්ඡාවක්
Next articleලබන මාසයේ අලුත් පිරවුම්හලක් වෙළඳපොලට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here