Home Hit පාලකයො දන්නෙ නෑ අපි කන විදිහ – හාල් ඇටයයි වතුර ලීටරයයි කන්නද...

පාලකයො දන්නෙ නෑ අපි කන විදිහ – හාල් ඇටයයි වතුර ලීටරයයි කන්නද කියන්නේ?

211
0

ජනතාව තමන්ගේ එදා වේල සපයා ගන්නා ආකාරය පිළිබඳව පාලකයන් අසංවේදී බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසනවා.

මාධ්‍ය අමතමින් එම සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය පවසා සිටින්නේ උත්සව සමය හේතුවෙන් වෙළෙන්දන් විසින් අසාධාරණ අයුරින් සිය හිතු මනාපයට භාණ්ඩ මිල පාලනය කරමින් සිටින බවත් මේ හේතුවෙන් ගෘහණියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ය.

බන්දුල ගුණවර්ධන මහතා විසින් හාල් කිලෝ 3ක් පවුලකට සති 2කට සෑහෙන බව ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා පාලකයන්ට ජනතාව පිළිබඳව ඇති අල්ප අවබෝධය පැහැදිලි වන බවත් ඇය පෙන්වා දෙයි.

“බන්දුල ඇමතිවරයගෙන් අපි අහන්න කැමති එක පාරට හාල් ඇටය ගානේ කටේ දාගෙන වතුර ලීටරයක් බොන්න කියලද අපිට කියන්නේ කියලා. මෙහෙම කතා කියන පාලකයො ඉන්න රටක තමයි අපි උත්සව සමයකට සූදානම් වෙන්නේ, පාලකයො දන්නෙ නෑ රටේ ජනතාව කන විදිහ, එයාලට එහෙම ප්‍රශ්න නෑනේ.” යැයි ඇය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here